Tuesday, August 3, 2010

ගස් බැදීම ප්‍රචාතන්ත්‍රවාදී දේශීය ක්‍රමයකට... (කැළණියට ඇඩ්වයිස් එකක්)

ඩෙංගු මර්ධන ව්‍යාපාරය සදහා සහභාගී නොවූ සමෘද්ධි නියාමකවරයෙක් ගස්බැදලා තියෙන විදිහ ලයිව් බලන්න තරෑට ඊයේ පොටක් පෑදුණ. ස්වර්ණවාහිනිය අපි නොදන්න "ලයිව්" ටෙලිකාස්ට් කරත් සිරසේ බලන්නට වුනේ "සයිලන්ස්" එකේය. හතේ නිව්ස් වලට වැඩේ "පුල් සවුන්ඩ්" ටෙලිකාස්ට් කරපු බව උදේ සෙට් වෙච්ච බුවෙක් කිව්වා. රෑ 10 ට "සයිලන්ස්" වුනේ ඇගේ සනීපෙට වෙන්ඩත් ඇති කියලා මට මීටර් වුනේ පරණ පැටිකිරිය දන්න නිසා. කොහොම උනත් චාලි අයියගේ බයිස්කෝප් එකක් සද්ද නැතුව බැලුවට පස්සේ බලපු පළවෙනි එක. වැඩේ තියෙන්නේ චාලි අයියගේ බයිස්කෝප් බලලා හිනාවෙච්ච අපිට පස්සේ කාලෙක තමයි සිරාවටම අපි අඩන්න ඕන කියලා මීටර් වුනේ. මර්වියාගේ වැඩ ගැන වුනත් කියන්න තියෙන්නේ ඒ කතන්දරේම තමයි.

කොහොම වුනත් හදිස්සියේ බ්ලෝග් එකට එන්ටර් වුනේ මර්වින් අයියට පොඩි අයිඩියාස් පාරක් දාන්න. මොකද බජාර් එකේ කොහොමද ගේම ගහන්නේ කියලා පොඩි පොඩි අයිඩියාස් තරූටත් තියෙන හින්දා. දන්න කියන දේවල් බෙදා හදා ගන්න ඕනනේ. නැද්ද බොස්?

මේ දවස් වල ඕන පොරක් ව ගස් බැන්දත් බදින්න ඕන "දේශීය චින්තනය" අනුව. ඒ වගේම අර අපේ දේශපාලු අයියලා කියන විදිහට ප්‍රචාතන්තරේද මොකක්ද කියන සිස්ටම් එකට අනුව.

ගස් බදින්න ඉන්න බුවා ගෙන් අහලා දැන ගන්න පුළුවන් මොන වර්ගේ ගහකද බදින්න ඕන කියලා. හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ වටින කියන ගස් වලට නම් දෙයියන්ගේ පිහිට ලැබිලා තියෙන හින්දා ලා බාල ගහක නමක් රික්වෙස්ට් කරන්න කියලා කලින් දැනුවත් කරන්න පුළුවන්.

මොන ටැලිවිෂන් පෙට්ටියේ නිව්ස් එකටද මූණත් තහඩුව වැටෙන්න ඕන කියලා රීක්වෙස්ට් කරන්නත් චෑන්ස් එකක් දෙන්න පුළුවන්. සද්දෙත් එක්කමද සද්දෙ නැතුවද කියලත් එක්ස්ටෙන්ඩ් කරන්නත් පුළුවන්.

එතකොට කඹේ මේඩ් ඉන් ශ්‍රී ලංකා.... ගස් බැන්දත් දේශීය පැෂන් එකට...

සංචාරක කරුමාන්තෙට උනත් මේකෙන් පොඩි කික් එකක් ගන්ඩ පුළුවන්. කොහොමද ගස් බදින එක ලයිව් පෙන්නන පැකේජ් එකක් හැදුවොත්..

සූස්තියක් කාරිය ගහලා ඉන්න වේලාවක ටීම වඩා එළකිරිස් අයිඩියාස් මැවෙන්ඩත් ඉඩ තියෙනවා. ඒත් ඉමර්ජන්සි අයිඩියාස් ටිකක් දුන්නහම අපේ මර්වින් අයියාට වටිනවනේ..

ඔහොම යං අයියා.... ඔහොම යං....
ඩෙංගුවාට උනත් ‍බජාර් එකේ ගේම ඉල්ලන්න ඉඩ තියන්න එපා.
වෙලාවක් කලාවක් ආවොත් රජපුටුවටත් ගේමක් දෙන්න බලන්න.
අපි පුල් සපෝර්ට් ආ...
එදාට අපි මුළු කන්ට්‍රියම ගස් බදිමු...
එළ පවුසි...

Thursday, July 15, 2010

Samsara (සම්සාරා) සංකාරා බලන්නට පූර්විකාවක්



"යශෝධරා"

මතකද ඒ නම?

සිද්ධාර්ථ, ගෙෘතම, ශාක්‍යමුණි.....

නමුත්....

යශෝධරාට සිද්ධාර්ථ එක්ක විවාහ වෙන්න සිද්ධ වෙනවා.
ඇය ඔහුට උපරිමයෙන් ආදරය කරනවා.
ඒත්.... එක්තරා රාත්‍රියක ඔහු ඇයව තනිකරලා යනවා.
ඒ ඔහුගේ කිරිකැටි පුතා, රාහුලවත් තනිකරලා..

ඒ සියළු සත්වයන් දුකෙන් මුදවා ගැනීමේ අරමුණින්,
බුද්ධත්වය පත් වීමේ මාර්ගය සොයාගෙන...

ඒ එදා....

අද.... තනිවෙන්නේ

"පෙමා"

නික්මෙන්නේ "ටොෂී"

Pan Nalin ගේ අපූරු සිනමා සිත්තමක්.
රහ විදින්න පුළුවන් අයට බලන්නට ආරාධනාවක්....



http://www.vertor.com/torrents/640397/Samsara-2001-Eng-Subs

http://www.imdb.com/title/tt0196069/

What is more important: satisfying one thousand desires or conquering just one...

Thursday, July 8, 2010

සිවලා හා බැටළු පොරය ‍නොහොත් විමලසිරි ගමකෑම


වට පිට බලමින් හිටපු දෙවශර්මන් ට එළකිරි වගේ හැදුනු ළපටි තණකොළ කන බැටළු සෙට් එකක් දකින්න ලැබුණා. එහාට මෙහාට චාටර් වෙවී ඉන්න අතරේ මේ බැටලු සෙට් එකේ දෙන්නෙක් පොරකන ආකාරය ඔහුට මීටර් වුනා. බැටළුවන් දෙන්නා ඇණ ගනිමින් නැවතත් අයිනට වෙමින් පොරකන ආකාරය බලාගෙන හිටියා. මේ බැටළුවන් දෙන්නා පොරකද්දි දෙන්නගේ ඔළු දෙක එකට වැදිලා ලේ හැලෙන්න පටන් ගත්තා. කැලෑවේ ගාතල් වෙවී හිටපු නරි අයියා කෙනෙකුට මේ අලකලංචිය මීටර් වුනා. සුපිරි උණු උණු කෑමට බඩජාරි වුනු නරියා එතෙන්ට එන්ටර් වුනා. බැටළුවන් දෙන්නා නන්ස්ටොප් පොරකනවා. ඒ අස්සේ නරියා ගලාගෙන යනන උණු උණු ලේ ‍බොනවා. අපේ යාළුවෝ හෙට බාර් වහයි කියලා අද කොම්බු කැඩෙන්න ගහනවා වගේ. නරියාට ආතල් එක වැඩියි. වටේ සිටිවේෂන් එක ගැන නරියාට මීටර් නැහැ. ටික වේලාවකින් බැටළුවා දෙන්නගේ ඔළු දෙක අතරට බැටළුවා මාට්ටු වුනා. මළකෙළියයි මහරජ කිව්වලු. නරියා ඔන් ද ස්පොට්.

ඔන්න කස්ටියටම කිව්වා, මේක හදිසියේ පංච තන්ත්‍රයෙන් හොයා ගත්තේ.

"බැටළු පොරයෙන් ගලා හැළුණු රැධිරය බොන්නට ගිය සිවලාට අත්වුණු ඉරණම අහෝ බිහිසුණුය."

තුම්මුල්ලේ මාරාන්තික උපවාස හා ‍ඉහත කතා පුවත අවශ්‍ය අයට සන්සන්ධනය කර බැලිය හැකිය. නම් ගම් ඕන ඕන හැටියට දමා ගන්නට කියවන්නාට නිදහස තිබේ.

Friday, June 4, 2010

එන්ටර්වීම

ආයිබෝං කිව්වා...තරෑත් එහෙනං බ්ලොග් කෙරැවාවට එන්ටර් වුනා එහෙනං...
රීඩ් කරලා බලන්ඩකෝ වැඩේ කොහොමද කියලා? බජාර් එකට අල්ලලා යයිද?

පංච තන්ත්‍රය

"මීට අවුරැදු දෙදහසකට පමණ ඉහතදී ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නැමැති මහා පඩිවරයා විසින් මිනාසට යහපත් චරිතයක් හා මනා පොරැෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසෙද යන්න පැහැදිලි කරන දේශන ආශ්‍රයෙන් සකස් වූවකි.

මෙය සිංහලයට අනුවාදය කළේ ප්‍රකට විද්වතෙකු වන හේමපාල මුණිදාස මහතා විසිනි. මෙම ග්‍රන්ථය දැනට ලෝක භාෂා හැත්තෑවකට පමණ පරිවර්තනය වී ඇත."

ඔන්න ඒ කිව්වේ පංච තත්ත්‍රය ගැන. ඉතින් අඤ්ඤකොරොස් භාෂාවෙන් නෙමෙයි කාට කාටත් දිරවන්න පුළුවන් විදිහට ඉස්සරහට පංච තන්ත්‍රයේ ඉස්ටෝරිස් අරගෙන එන්න තමයි සෙට් වෙන්නේ....

මේවා බයිට් එකට් එළ..... ඒ වගේම ඩයිට් එකටත් නරකම නෑ...
ඒ කිව්වේ Life එකට....

‍එහෙනම් ඉස්සරහට සෙට් වෙමු...