Thursday, July 8, 2010

සිවලා හා බැටළු පොරය ‍නොහොත් විමලසිරි ගමකෑම


වට පිට බලමින් හිටපු දෙවශර්මන් ට එළකිරි වගේ හැදුනු ළපටි තණකොළ කන බැටළු සෙට් එකක් දකින්න ලැබුණා. එහාට මෙහාට චාටර් වෙවී ඉන්න අතරේ මේ බැටලු සෙට් එකේ දෙන්නෙක් පොරකන ආකාරය ඔහුට මීටර් වුනා. බැටළුවන් දෙන්නා ඇණ ගනිමින් නැවතත් අයිනට වෙමින් පොරකන ආකාරය බලාගෙන හිටියා. මේ බැටළුවන් දෙන්නා පොරකද්දි දෙන්නගේ ඔළු දෙක එකට වැදිලා ලේ හැලෙන්න පටන් ගත්තා. කැලෑවේ ගාතල් වෙවී හිටපු නරි අයියා කෙනෙකුට මේ අලකලංචිය මීටර් වුනා. සුපිරි උණු උණු කෑමට බඩජාරි වුනු නරියා එතෙන්ට එන්ටර් වුනා. බැටළුවන් දෙන්නා නන්ස්ටොප් පොරකනවා. ඒ අස්සේ නරියා ගලාගෙන යනන උණු උණු ලේ ‍බොනවා. අපේ යාළුවෝ හෙට බාර් වහයි කියලා අද කොම්බු කැඩෙන්න ගහනවා වගේ. නරියාට ආතල් එක වැඩියි. වටේ සිටිවේෂන් එක ගැන නරියාට මීටර් නැහැ. ටික වේලාවකින් බැටළුවා දෙන්නගේ ඔළු දෙක අතරට බැටළුවා මාට්ටු වුනා. මළකෙළියයි මහරජ කිව්වලු. නරියා ඔන් ද ස්පොට්.

ඔන්න කස්ටියටම කිව්වා, මේක හදිසියේ පංච තන්ත්‍රයෙන් හොයා ගත්තේ.

"බැටළු පොරයෙන් ගලා හැළුණු රැධිරය බොන්නට ගිය සිවලාට අත්වුණු ඉරණම අහෝ බිහිසුණුය."

තුම්මුල්ලේ මාරාන්තික උපවාස හා ‍ඉහත කතා පුවත අවශ්‍ය අයට සන්සන්ධනය කර බැලිය හැකිය. නම් ගම් ඕන ඕන හැටියට දමා ගන්නට කියවන්නාට නිදහස තිබේ.

No comments:

Post a Comment

පොඩි වර්ඩ් එකක් දාලා යමුද?